මෙවර ලෝක කුසලාන තරගාවලියට කොදෙව් කණ්ඩායම එක්වූයෛ් කොදෙව් ක්‍රිකට් ආයතය හා ඇතිකරගත් මත ගැටුමක්ද සමගිනි.
කෙසේ වෙතත් ඒ සියලු බාධක මැද සාමිගේ නායකත්වය යටතේ තරගාවලියට එක්වූ කොදෙව්වේ දෙවැනිවරටත් ලෝක ශූරයෝ වූහ.
සාමි කොදෙව්වන්ට විස්සයි20 ලෝක කුසලාන දෙකක්ම ගෙන දුන්නේය.
කෙසේ වෙතත් තමන් නැවතත් ක්‍රකට් ක්‍රිඩා කරාවිදැයි නොදන්නා බවද ඔහු තරගයෙන් අනතුරුව පැවැසීය.
"අපි තවදුරටත් දියුණු වෙනවා. අපි මේ තරගාවලියට ක්‍රීඩා කරද්දී මිනිස්සු පුදුම වුණා. අපිට ක්‍රිකට් ආයතනයත් සමග ගැටලු තිබුණා. මාක් නිකොලස් අපිට කිව්වේ මොලයක් නැති ක්‍රීඩකයන් කියලා. නමුත් අපි එක්තුවෙලා ආවේ. මේක කැරිබියන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මම දන්නේ නෑ නැවතත් මම ක්‍රීඩා කරාවිද කියලා" යැය ඔහු පැවැසීය.