මෙම වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අද (20) දින සිට අයදුම්පත් කැඳවා ඇති බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
පාසල් අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා ඇති බවත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ ආදර්ශ අයදුම්පත් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.
අයදුම්පත්‍ර භාරගැනීම ජුනි මස 20 වැනිදායින් අවසන් වන බවද පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.