සාම්පූර් විද්‍යාලයේදී පසුගියදා වූ සිද්ධියට තමන් කනගාටුව පළ කරන බව නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලිපියක් යවමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. නිලධාරීන් සමාව ගැනීම රටක යහපැවැත්මට හොඳ ආදර්ශයක් බැවින් ඒ අනූව එදින එම ස්ථානයේ සිටි සියලුදෙනාගෙන්, අමෙරිකානු තානාපතිවරයා, පාසල් සිසුන් ඇතුළුව සිද්ධියට තුඩු දුන් නාවික හමුදා නිලධාරියාට කනගාටුව පළ කරන බවද ඔහු එම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තමා සහභාගිවන උත්සව වලට ත්‍රිවිධ හමුදාව සහභගිනොවීමට ගත් තීරණය දේශපාලනික තීරණයක් බවත් ඔහුගේ ලිපියේ වෙයි.