ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 68ක ක්‍රියාත්මක සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත දියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 280ක් වෙන්කළ බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සිදුකළ යුතු වැඩකටයුතු පිළිබඳව වාර්තා ලබාදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම වැඩපිළිවෙළ යටතේ ඉඳි, පන්, හණ, මැටි, ලී, කිතුල්, ස්වර්ණාභරණ, ලාක්ෂ හා වේවැල් වැනි සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.