පොලොන්නරුව අරලගන්විල කන්දේගම විහාරස්ථානයේ සාමණේර වහන්සේලා හතර නමක් පිළිබධව ආගිය තොරතුරක් නොමැති වීම හේතුවෙන් මේ වන විට අරලගන්විල පොලිසීය පරීක්ෂණ ආරම්භ කර ඇත.
අරලගන්විල කන්දේගම දනංජය රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කරන ලද සාමනේර හිමියන් හතර නමක් මෙසේ ඊයේ (22) දා දහවල් විහාරස්ථානයේ කදු මුදුනට ගොස් ඇති බවත් එම සාමනේර වහන්සේලා විහාරස්ථානයට නැවත පැමිණ නැතැයි පොලිසීයේ ප්රකාශකයෙකු පැවසීය.
වයස අවුරුදු 12 ත් 13 ත් අතර වයස් කාණ්ඩවල පසුවන සාමණේර හිමියන් සොයා අරලගන්විල පොලිසීය යුධ හමුදාව ගම්වාසීන් එක්ව මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ.