එක්සත් ජාතීන්ගේ සාම හමුදාව යටතේ මාලි රාජ්‍යට යැවීම සදහා මෙරට හමුදා බලඇණ තුනක් පුහුණු කරන බවත් ලංකාවේ හමුදාවට පොලිසීයට ද්‍රවිඩ ජාතිකයන්ද බදවාගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසංහ මහතා ඊයේ(16) යාපනයේදී පැවසීය. එමෙන්ම ද්‍රවිඩ පරිවර්ථකයින් 500 රජයට බදවා ගැනමටද තීරණය කළ බවත් එහිදි ප්‍රකාශ කළේයජාතික තෛපොංගල් දිනය සැමරිම යාපනයේදී පැවැත්වුණ අතර එහිදී අගමැතිවරයා මේබව කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය
තෛපොංගල් කියන්නේ ජාතික උත්සවයක්. අලුත්සහල් මංගල්‍යයයි තෛපොංගල් උත්සවයි සමානයි එක කාලෙයි පවත්වන්නේ. අලුත් සහල් මංගල්‍යය ජාතික උත්සවය විදිහට යාපනයේ පවත්වන් තීරණය කළා. සිංහල අලුත් අවුරුද්ද දකුණේ පවත්වනවා.
ඉරු දෙවියන්ගේ ග්‍රහය මුලු ලංකාවටම ගිය අවුරුද්දේ ලැබුණා ඒනිසා දැන් හැමෝටම ඉර පායනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යටතේ මේ උත්සව සියල්ලම පවත්වන්න තීරණය කළා. අදුරේ හිටපු හැමෝටම දැන් ඉවසීමක් නැතිව ඉර අව්ව ලබා ගන්න උත්සහ කරනවා. දේශපාලන විසදුම්, රුකියා ඉඩම් ආදි මේ සියල්ල ලබාගන්න හදිස්සියි.
ඩේවිඩ් කැමරන් අගමැති තුමා යාපනයට ආවේ අදුරු කාලේ ප්‍රසිද්ද ආරාධනවාවක් කරනාවා දැන් ලංකාවට එන්න කියලා ද්‍රවිඩ භාෂා පරිවර්ථකයන්ගේ අඩුවක් තියෙනවා. ඒනිසා තව 500 වැඩිකරන්න තීරණය කළා හමුදා බලඇණ තුනක් යුද්දෙට පුහුණු කරනවා. ඒ අප්‍රිකාවේ මාලෙ ජනරජයට යවන්න. එක්සත් ජාතීන්ගේ හමුදාවේ කොටසක් හැටියට. අපි ඒක හොදට කළොත් තව යවන්න පුලුවන් වෙයි. ශ්‍රීලංකාවේ පොලිසිය සහ ශ්‍රීලංකාවේ හමුදාව ශ්‍රීලාංකිකයන්ගෙන් යුත් සංවිධාන විය යුතුයි කියලා මම කියනවා. ඒසදහි ද්‍රවිඩ ජාතිකයිනුත් බදවාගන්න අපි තීරය කළා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යල් පැනවු එකක්. ඒක ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එය නැවත සකස්කිරීම කටයුකු කරනවා යනුවෙනි