සාපෙළ විශිෂ්ටයෝ ජනපති හමු වෙති
2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පත් වූ සිසුන් 12 දෙනා අද (23) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.
එම සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සිය සුභාශීංසන පිළිගැන්වීය.
සිසුන් වෙනුවෙන් මුදල් තිලිණ ප්‍රදානයක් ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ලැප්ටොප් පරිගණක ද ප්රදානය කෙරිණි.
2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ පළමු ස්ථානයට පැමිණි කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ එස්. සත්සරණි හෙට්ටිආරච්චි, දෙවන ස්ථානයට පත් කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ.කේ. සමල් පුන්සර, තෙවන ස්ථානවලට පත්වූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.මලීනා රත්නායක, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආර්.එම්. ඉන්දීවරි උමයංගා යන සිසුන් ඇතුළු මුල් ස්ථාන 10 අතරට පැමිණි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්. බන්දුසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
මේ අතර තොරතුරු තාක්ෂණය පිලිබඳ උපාධිය වයස අවුරුදු 11 දී සම්පූර්ණ කළ සහ වයස අවුරුදු 09 දී වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට ළාබාලතම වෙබ් නිර්මාණවරිය බවට පත්වූ මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන වශින්ධ්යා ප්‍රේමානන්ද සිසුවිය ද සිය දෙමාපියන් සමඟ ජනාධිපතිවරයා හමු වූවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

