2016 වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28දා) අන්තර්ජාලයට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස එම විභාගයේ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ. මෙවර සාමාන්‍යපෙළ විභාගයට සිසුන් ලක්ෂ 7ට අධික සංඛ්‍යාවක් පෙනී සිටි අතර එය සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ඉහළම අපේක්ෂකයින් සංඛ්‍යාව ලෙසද වාර්තා විය.