අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව අයදුම්පත් අප්‍රේල් 24 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට එවන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
නැවත ප්‍රතිඵල සමීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් අයදුම්පත් යොමුකළයුතු බවද විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේපුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අයදුම්පත් යොමුකළ යුතු බවත් ඔහු පවසා සිටියේය.