සාපෙළ ගණිත ප්‍රශ්නයට සාධාරණයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණදුන් අපෙක්ෂකයන්ට සමත් ලකුණු ලබාගැනීම දුෂ්කර වී ඇතැයි නිගමනය කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
මෙවර ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණු දුන් සිසුන්ට පිළිතුරු ලිවීමේදී දුෂ්කරතා මතු වූ බව ඇතැම් දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සිදු කළ ප්‍රකාශ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස්වරයා සිදුකළ කරුණු විමසුකමට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ.
කෙසේ වෙතත් ප්‍රශ්න කිහිපයක අවසන් කොටස් සඳහා පිළිතුරු ලිවීමට ඉහළ මට්ටමේ කුසලතා අවශ්‍ය වී ඇති හෙයින් ලකුණු දිමේ පටිපාටියේ වෙනසක් සිදුකර සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර පරීක්ෂා කරන බවද සනත් පූජිත මහතා පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කළ කරුණු දැක්වීමෙහි මෙසේද සඳහන් වෙයි.
මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී සිසුන්ට දුෂ්කරතා මතු වූ බව ඇතැම් මාධ්‍යවලින් අනාවරණය කර තිබුණි. මෙම තත්ත්වය යටතේ සිසුන්ට සාධාරණයක් ඉටුකිරීමේ අපේක්ෂාවෙන් මේ පිළිබඳ අදාළ ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලය සමග ප්‍රධාන පරීක්ෂකවරුන් සහ පාසල්වල ගණිතය විෂය උගන්වනු ලබන ගුරුවරුන් ඇතුළු ව 20ක් පමණ වූ කණ්ඩායමක් සමග සමාලෝචනයක් සිදු කරන ලදී.
විභාගයක් අවසානයේ දී සිදුකරනු ලබන පාලක උත්තර පත්‍ර ලකුණු කිරීමේ වැඩසටහන යටතේ මෙවැන්නක් සෑම විෂයයක් සඳහාම යොදාගනු ලැබේ. මෙහිදී උත්තර පත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීමද සිදුවේ. ඒ අනුව ගණිතය විෂයය සඳහා වැඩි උත්තර පත්‍ර සංඛ්‍යාවක්, සාම්පලයක් ලෙස ලබාගෙන පරීක්ෂාවට ලක්කරන ලදී. මෙහිදී අනාවරණය වූයේ මෙම ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකයන්ට සමත් ලකුණු ලබාගැනීමට දුෂ්කරවී ඇතැයි නිගමනය නොවන බවයි.
එහෙත් ප්‍රශ්න කිහිපයක අවසාන කොටස් පමණක්, හේතු දැක්වීම සහ ගැටලු විසඳීම වැනි ඉහළ මට්ටමේ කුසලතා පාදක කොට සකස් වී ඇති බැවින් ඇතැම් සිසුන්ට එම ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු ලබාගැනීම තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති නමුත්, ඉහත තත්ත්වය යටතේ ලකුණු දීමේ පටිපාටියේ අවශ්‍ය සංශෝධන සිදුකර සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරීමට පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


