මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ දිනය ජූලි 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
අයදුම්පත් භාරගැනීම මේ මස 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ දීර්ඝ කිරීම සිදුකළ බවද පවසා සිටියේය.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජාතික හැඳුනුම්පත් විනාශ වී තිබේනම් ඊට අදාළ කටයුතු සිදුකර ගන්නා තුරු ජාතික හැඳුනුම්පත් අංකය නොමැතිවත් අයදුම්පත් යොමුකළ හැකි බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.