අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 දා සිට 21 දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යස්ථාන 5116කදි අපෙක්ෂකයන් 688,578ක් මෙවර විභාගයට පෙනී සිටිමට නියමිතය.
විභාගය අරමුණු කරගෙන උපකාරක පංති පැවැත්විම දෙසැම්බර් 06දා මධ්‍යම රාත්‍රියෙන් පසුව තහනම් වෙයි.
එසේම විභාගයට දින පහකට පෙර විෂයාභිමුඛ දේශන පැවැත්වීම, සම්මන්ත්රණ හෝ පංති පැවැත්වීම, විභාග ආකෘතියේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, විද්‍යුත් මාධ්‍ය හරහා ප්රචාරක කටයුතුවල නිරත වීම, සමාන ප්‍රශ්න සහිති පොස්ටර් හා කටවුට් ප්‍රදර්ශන කිරීම තහනම් වෙයි.
මෙම නීති රීති කඩකරයි නම්
පොලිස් මූලස්ථානය - 011-2421111
පොලිස් හදිසි ඇමතුම් අංකය - 119
විභාග දෙපාර්තමේන්තුව - 1911
පාසල් විභාග සංවිධානය කිරිමේ ශාඛාව - 011-2784208/011-2784537
යන අංකවලට දැනුම් දෙන්නයිද විභාග දෙපාර්තමේන්තුව පවසයි.