සාගර ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපන් වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක නියෝජිත පිරිසක් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (11දා) පැවැත්විණ.
ජපන් වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබදව එහිදී අදහස් හුවමාරු වූ අතර දූපත් රාජ්‍යයන් ලෙස ජපානයට සහ ශ්‍රී ලංකාවට සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන අභියෝග ජයගැනීමට දෙරටේම නාවික හමුදාවන් සතුව පවතින දැනුම සහ තොරතුරු වැදගත්වන බවත් ඒ පිළිබදව අඛණ්ඩ අවධානය යොමුකිරීම වැදගත් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.