සාක්ෂිකරුවන්ට හා පීඩිතයන්ට ආරක්ෂාව සැලසීම සඳහා වූ විශේෂ පනත් කෙටුම්පත සූදානම් කර අවසන් බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙකී පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි නීති කෙටුම්පත් අධ්යක්ෂ පී.එස්. අරුණ ශාන්ත ද සිල්වා මහතා 'අද' පුවත්පතට පැවසීය.
මේ පිළිබඳ කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා සිටියේ, පනත ලැබුණු විගස එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.