තමන්ට ලැබුණ නීති උපදෙස් අනුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අවශ්‍යතාවක් නොමැති බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් මහතා පවසයි.
බැඳුම්කර කොමිසමට ඔහු මේ බව අද (14දා) දැනුම් දුන්නේය. ඊයේ (13දා) කොමිසම ප්‍රකාශ කළේ අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්ෂි ලබාගැනීමට කොමිසමට බලයක් නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ තීරණය කුමක්දැයි යන්න පිළිබඳව ඔහුගෙන් විමසා සිටි ඔහු සිය නොකැමැත්ත ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසම ඊයේ (13දා) ලබාදුන් තීන්දුවට විරෝධය ප්‍රකාශ කළේය.