ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි විහාරය ආසන්නයේ පිහිටි ලෝක බෞද්ධ විශ්වවිද්‍යාලයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධිය මියයාමේ අවදානමක් නැතැයි මහාබෝධි සමාගම පවසයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි බෝධීන් වහන්සේට ජලය නොලැබීම හේතුවෙන් එහි පත්‍ර මැල වී, වියළී යමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමග ඉන්දීය බලධාරීන් ඒ සඳහා වහාම පියවර ගන්නා ලෙස දැනුම්දුන් බව මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ ‘අද’ ට ප්‍රකාශ කළහ.