අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (09දා) සිට මේ මස 18 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4279 කදී පැවැත්වේ.
මෙවර විභාගය සඳහා විභාග අපේක්ෂකයෝ 577,220 ක් ඉදිරිපත් වී සිටිති.
එම ප්‍රමාණයෙන් 370,739 පාසල් අයදුම්කරුවන් වන අතර, 206,481 ක් පෞද්ගලික අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වී ඇත.
විභාගය පවත්වන දිනවල ඇතිවිය හැකි කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා දෙමාපියන්ගෙන් සහ විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.
විභාගය සම්බන්ධයෙන් විභාග ශාලාවක දූෂණ වංචා සිදුවුවහොත් ඒ පිළිබඳව 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව 011 - 2785211, 011 - 2785212 හෝ පාසල් විභාග සංවිධානය හා ප්‍රතිඵල ශාඛාව 011 - 2784208, 011 - 2784537, පොලිස් මූලස්ථානය 011 - 2421111, හදිසි ඇමතුම් අංක 119, ෆැක්ස් අංකය (වි. දෙපා) 011 - 2784422 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කරන ලෙසද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියි.