ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනී මාගට් එළිසබත් වෝලස්ට්රෝම් මහත්මිය දින තුනක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ඇය ස්වීඩනයේ නියෝජ්‍ය අගමැතිනියද වන අතර 24 දා සිය සංචාරය අරඹන විදේශ ඇමතිනය 26දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. සිය සංචාරයේදී ඇය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හා සාකච්ඡා කිරීමට නියමිතය.