ස්විට්සර්ලන්තයේ දුම්රියක් තුළ ඇති කළ ගින්නකින් හා පිහි ප්රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
27 හැවිරිදි ස්විට්සර්ලන්ත ජාතිකයෙකු විසින් මෙම ප්රහාරය සිදුකර ඇති බවත්, ප්රහාරයෙන් පසුව ඔහුවද රෝහල් ගත කර ඇති බවත් ඊසානදිග ස්විට්සර්ලන්තයේ සාලේස් ප්රදේශයෙන් වාර්තා වෙයි.
ඔහු තම අත වූ පිහියෙන් පුද්ගලයන්ට පහර දීමට පෙර වහා ගිනි ඇවිලෙන දියරයකින් දුම්රිය තුළ ගින්නක් ඇති කර ඇති බවද කියයි.
මෙම ප්රහාරයෙන් හය හැවිරිදි දරුවෙකුද තුවා ලබා ඇති අතර, මෙය ත්රස්ත ප්රහාරයක්ද යන්න පිළිබඳව පරීක්ෂණ මෙහෙයවෙන බවද ස්විට්සර්ලන්ත පොලීසිය කියයි.

.jpg)