ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මුදල් පිළිබඳව පමණක් සිතමින් රට හා රටේ අනාගතය ගැන පිළිබඳව නොසිතමින් කටයුතු කරන බවත්, ස්වාභාවික සම්බත් විනාශ කරන එවැනි පුද්ගලයින්ට තරා තිරමක් නොබලා දැඩි නීති ක්‍රියාත්මක කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
වන රෝපා ජාතික උත්සවයට කොත්මලේදී එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එසේම එළැඹෙන වසරේ ජනවාරි මාසයේ සිට වසර තුනක් ඇතුළත ශ්‍රී ලංකාවේ දැනට පවතින වන ඝනත්වය 29% සිට 32% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සෑම දෙනාගේම වගකීම බව පෙන්වා දුන් ජනපතිවරයා යම් තරමටක හෝ වන ඝනත්වය ආරක්ෂා වී ඇත්තේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර ප්‍රදේශවල පමණක් බවත් සඳහන් කළේය.