ජනමාධ්යහි නිවැරදි ගමන්මග සඳහා ස්වාධීන ජනමාධ්‍ය නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කාරනයක් බව පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරන්න පරණවිතාරන මහතා පැවසීය.
එම ආයතනය කිසිම විටක රාජ්‍ය මැදිහත් වීමක් සිදුනොවිය යුතු බවත් ස්වාධීන ජනමාධ්‍ය නියාමන අධිකාරියක් කිසිවිටක අමාත්‍යාංශය මගින් සකස්කර පාර්ලිමේන්තුවේ අනුමත කිරීමෙන් ස්ථාපිත විය යුත්තක් නොව ජනමාධ්‍ය අතුරින් නිර්මාණය විය යුත්තන් විය යුතු බවත් අමාත්‍යවරයා කීය.
අද දෙරණ සංවිධානය කරනු ලබු ජනමාධ්‍ය කතිකා මාලාවේ දෙවැන්න"දැලි පිහියෙන් කිරි කෑම - 02 වන අදියර" අදහස් දක්වමින් අද(04)කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.