2014 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකාවේ සහස්ර වර්ෂ සංවර්ධන ඉලක්ක පිළිබඳ වාර්තාව අද (23දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී එළිදැක්විණි. 2015 වසර අවසානයට පෙර සාක්ෂාත්කරගැනීමට 2000 වසරේදී ලෝක නායකයන් එකඟ වූ ඉලක්ක අට සහස්ර වර්ෂ සංවර්ධන ඉලක්ක වේ.
අන්ත දුගී බව අඩකින් අඩුකිරීමේ සිට ස්ත්‍රීපුරුෂ සමානාත්වය ප්‍රවර්ධනය කිරීම සහ සාර්ව ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීම දක්වා මෙම ඉලක්ක පැතිරී තිබේ.
මෙම වාර්තාවේ සඳහන් පරිදි සහස්‍රවර්ෂ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේදී ශ්‍රී ලංකාව මහා ප්‍රගතියක් පෙන්වන බවත්,එකී ඉලක්ක බොහොමයක් සාක්ෂාත් කරගැනීම සඳහා නිවැරදි මඟක පිවිස සිටින බවත් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සුබ්නේ නැන්ඩි මහතා පැවසීය.
ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.