දේශීය වෙළඳපොළ තුළ සහල් මිල ඉහළ යෑම අවම කිරීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
දේශීය ගොවීන්ට හානියක් නොවන පරිදි, පාරිභෝගිකයන්ට පහසු මිලකට සහල් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදෙමින් මෙසේ සහල් ආනයනය කිරීමට නියමිතය.
ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය ජීවණ වියදම් පළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව තීරණය කළ යුතුය.