එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය නැමති යෝජනාව සම්මත කරගැනීම පිණිස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රීලංකා රජය සිය ප්‍රණාමය පළකර තිබේ.
2015 ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහය දැක්වු 30/1 යෝජනාවේ කාල සීමාව වසර 02කින් දීර්ඝ කිරීම මගින් ශ්‍රීලංකාවේ ගමනට සහය දැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව ගත් පියවර අගය කරන බව ශ්‍රීලංකා රජය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරඇත.