විපතට පත් ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් ලැබෙන භාණ්ඩ මුදලට අලෙවි කරන කූඨ පුද්ගලයන්ට ඓරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මුදල් අමත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපතට පත් ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන භාණ්ඩ කූඨ පුද්ගලයන් විසින් මුදලට අලෙවි කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවත්, මෙම භාණ්ඩ අලෙවි කරන සහ ඊට අනුබල දෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි නීතී ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් ය.