ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේම මැති ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට දෙන විශේෂ පහසුකම් මෙම කාලසීමාවේදී නවතා දමා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවැසීය.
මේ අතර ගංවතුරින් හා විවිධ ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස ගොඩනැගීම සඳහා රුපියල් ලක්ෂ 20 දක්වා වූ ආධාර මුදලක් ලබාදීමට රජය තීන්දු කොට ඇතැයිධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම හදිසි ආපදාවකින් මියගිය පුද්ගලයෙකුට මීට පෙර ලබාදුන් රුපියල් 15000ක මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී ප්‍රකාශ කළේය.