අයවැය යෝජනා මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති සහනදායී ණය යෝජනා ක්‍රම 12ක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව සුළු පරිමාණ කෘෂිකර්මයේ යෙදෙන ගොවීන්ට හා වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්ත කටයුතුවල නිරතවෙන සමාගම් සඳහා සහන සැලසීමටත්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරාගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ණය පහසුකම් ලබාදීමට සැලසුම්කර තිබේ.
මේ යටතේ ගොවීන්, ගොවි සංවිධාන සඳහා රන් අස්වැන්න සහ ගොවි නවෝදා ලෙස ණය යෝජනා ක්‍රම දෙකක් හරහා රුපියල් මිලියන 500 - 750ක් , කුකුළන් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රය සඳහා දිරිය සවිය ලෙස රුපියල් මිලියන 75ක් ලබාදීමට යෝජනා කර තිබේ.
ධීවර කර්මාන්තය, පශූ සම්පත් ක්ෂේත්රය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් ජය ඉසුර ලෙස රුපියල් මිලියන 400 දක්වා ණය යෝජනා ක්රමයක්ද පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන් සඳහා රිය ශක්කි ලෙස රුපියල් මිලියන 04ක්, අඩුආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකර ගැනීමට සොඳුරු පියස යටතේ රුපියල් 200,000 ක්ද, ලියාපදිංචි මාධ්‍යවේදීන් සඳහා 'මෙහෙසර' ලෙස රුපියල් 300,000 ක් ණය මුදලක්ද නිවාස සඳහා සූර්ය කෝෂ මිලදීගැනීමට 'රිවිබල සවි' ලෙස රුපියල් 350,000 ක මුදලද යෝජනා කර තිබේ.මෙම ණය යෝජනා ඇතුළත් යෝජනාව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමුකර තිබේ.