එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්රිකුණාමලය දිස්ත්රික් දේශපාලන නායකයා වශයෙන් කටයුතු කළ සසිදරන්ගේ බිරිඳ වන උතුරු පළාත් සභා මන්ත්රිනී ඇන්තනී සසිදරන් එල්ල කළ චෝදනා පදනමකින් තොර බව ඩී.එම්.කේ. පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධිගේ දියණියක වන කනිමෝසි කරුණානිධි සඳහන් කරයි.
ඇන්තනී සසිදරන් සඳහන් කළේ තම ස්වාමියා 2009 වසරේදී ශ්රි ලංකා ආරක්ෂක අංශ වෙත බාරවීමට තීරණය කළ විට ඒ සඳහා කනිමෝෂි හා කරුණානිධි මැදිහත් වූ බවයි.
මේ සඳහා ප්රතිචාර දක්වන කනිමෝසි සඳහන් කරන්නේ ශ්රී ලංකා හෝ ඉන්දීය රජයන්ගේ වගකීම බාරගෙන කිසියම් වූ කෙනෙකුට ආරක්ෂක අංශයන්ට බාරවීමට යැයි පැවැසීමට තමන්ට බලයක් නැති බවයි.
එසේම තමන් සසිදරන් කියන්නේ කවුරුන්දැයි නොදන්නා බවත්. ඔහු ඉදිරිපෙළ එල්.ටී.ටී.ඊ. නායකයෙකු වූ බවත් කනිමෝසි පවසයි.
ද හින්දු ඇසුරෙනි
සබැදි පුවත් - http://goo.gl/JGLkfb
කරුණානිධිට නිහඩතාව බිඳින්නලු