දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවත්, සුළං නිරත සිට දකුණ දක්වා වන දිශාවලින් හමන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 20 - 30 ත් අතර පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.