සලාවේ හමුදා කඳවුරක් තුළ ඇතිවූ ගින්න හේතුවෙන් ඒ අවට සිටි ජනතාව ඉවත් කිරීමට හමුදාව කටයුතු කරනු ලැබීය. කෙසේ වෙතත් ජනතාව ඉවත් කිරීමත් ඔවුන්ගේ නිවාසවලට ඇතුළුවන පුද්ගලයින් එම නිවෙස්වල තිබෙන වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇතැයි ප්රදේශයේ ජනතාව පවසති.
තවමත් කඳවුර තුළ විටින් විට පිපිරීමේ ශබ්ද ඇසෙයි. කඳවුර ආසන්නයේ තිබෙන නාවාස වලට විශාල හානියක් සිදුව තිබේ. පුපුරා නොගිය උණ්ඩද ප්රදේශයේ පවතින බවද ජනතාව සඳහන් කරයි.