සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් කැලණිය සරසවිය සෙයා ගනියි
ඉදිරියේ දී සර්ප දෂ්ඨනයට ප්‍රතිකාර කිරීමට මෙරටින් ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වාදීමට හැකියාව තිබෙන බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති,කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන වසරකට 80,000ක් වාර්තා වන බවත් ඉන් විෂ ශරීර ගතවීම 30,000ක් සිදු වන බවත් මෙය ප්‍රජා සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (21දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනය වසරකර 80,000ක් වාර්තා වෙනවා.ඉන් විෂ ශරීරගතවීම 30,000ක් වෙනවා. මරණයට පත් වන සංඛ්‍යාව 450ක් වසරකට වාර්තා වෙනවා.මේ තත්ත්වය විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා.
සර්ප විෂ සඳහා ප්‍රතිකාර සඳහා රුපියල් බිලියන 1.4ක් වාර්තා වෙනවා. බිලියන 1.ක් රෝහල් වියදම්. මිලියන 600ක් වැය වන්නේ ප්‍රතිවිෂ ඖෂධ සඳහායි. ප්‍රතිවිෂ සඳහා විශාල මුදලක් වැය වෙනවා.
ශ්‍රී ලංකාවේ සර්ප වර්ග 98ක් සිටිනවා.විෂ සහිත සර්ප වර්ග සිටින්නේ හතක් පමණයි. වියළි කලාපයේ විෂ ශරීරගතවීම ඉහළයි. ප්‍රතිවිෂ එකම ප්රතිකර්මයයි. ප්‍රතිවිෂ නිසා අතුරු ප්‍රතිඵල ඇති වෙනවා. එය අවම කරගැනීමට අප පර්යේෂණයක් කර ඖෂධකයක් සොයා ගත්තා. එය මිලි ලීටර 0.025ක් අඩු සාන්ද්‍රණයෙන් ලබාදුන් විට අතුරු ආබාධ සියයට 50%කින් අඩු වෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


