මේ වසරේ සිට විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ප්‍රමාණය 2020 වන තෙක් එක් වසරකට 2000 බැගින් ඉහළ දමන බවත්, මේ අනුව 2020 වනවිට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ප්‍රමාණය 35,000 ක් වන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සඳහන් කළේය.
දැනට විශ්වවිද්‍යාල තුළ 25,000කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවත්, එම ප්‍රමාණය මේ වසර තුළදී 27,000ක් බවට පත්වන බවත්, ඔවුන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම ලබාදීම සඳහා ශිෂ්‍යයන් 600කට සිටිය හැකි නේවාසිකාගාර 15 ක් කඩිනමින් ඉදිකරන බවද පවසා සිටියේය.
මේ වසරේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් බිලියන 60ක මුදලක් වෙන් වී තිබෙන බවත්, එහෙත් පසුගිය වසරේදී වෙන් වී තිබුණේ රුපියල් බිලියන 45ක ප්‍රමාණයක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.