මහපොළ ශිෂ්‍යාධාරය කප්පාදු කිරීමට එරෙහිව, පාසල් වලින් මුදල් අයකිරීමට එරෙහිව හා පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසිකරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සිදුකළ විරෝධතාවට කොල්ලුපිටියේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවිය.
මෙහිදී සිසුන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සිසුන් 2000ක් පමණ කොල්ලුපිටිය හංදියේ වාඩිවී විරෝධතාවක නිරතව සිටියි. රථ වාහන ගමනයද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.