සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට අද (11දා) සිට අන්තර්ජාලය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටියි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 24,000කට අධික පිරිසක් බඳවාගැනීමට අපේක්ෂා කරන බවත්, විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මේ වනවිට නිකුත් කර ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා පැවසීය.