යාපනය විශ්වවිද්‍යාලයේදී පසුගියදා ඇතිවූ ගැටුමින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවාගේ සුව දුක් විමසා බැලීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද දින (20) එහි ගියේය.
මෙම අවස්ථාවට එම පක්ෂයේ ශාසනික ලේකම් බියගම සුසීල හිමි, මධ්‍යම කාරකසභික මොලමුරේ නන්දාරාම හිමි සහ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද, සංවිධායක ලේකම් උපුල් විජේසේකර, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරුද සහභාගී වූහ.