බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් 153 දෙනා ආපසු ශ්‍රී ලංකාවට යැවීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ඔස්ට්‍රේලියානු මහාධිකරණයේ විභාග කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.
මෙම පිරිස සම්බන්ධයෙන් මීට පෙර ඔස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ නොකළත්, ඔවුන් රේගු යාත්‍රාවල රඳවා සිටින බව අධිකරණය හමුවේ පවසා ඇත.
කෙසේ වෙතත් මෙම පිරිස ආපසු හරවා නොයවන ලෙසට තාවකාලික අතුරු නියෝගයක් ඊයේ දිනයේදී එරට මහාධිකරණය විසින් පනවනු ලැබීය.
ඒ අනුව, දින තුනක කාල සීමාවක් ලබා නොදී ඔවුන් ආපසු නොයවන බවට ඔස්ට්‍රේලියානු රජය පොරොන්දුවක් දී ඇති බව වාර්තා වෙයි.
සරණාගතයන් පිරිසක් වෙනුවෙන් නඩුව ගොනු කළ නීතීඥයන් පවසා ඇත්තේ දේශපාලන රැකවරණය පතා පැමිණි මොවුන් ආපසු හරවා යැවීම නීති විරෝධී බවය. එහිදී, එම නීතීඥයන් පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ශ්‍රී ලංකාවට යැවීම සිදු නොකළ යුතු බවය.
බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත්කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු නැවතත් සාගරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදීමේ සිදුවීමෙන් පසු මෙම අධිකරණය නියෝගය ලැබී තිබුණි.