ලෝකයේ වදවී යන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ප්රධානතම ගෝලීය සංවිධානය වන සයීටීස් සංවිධානයේ (Convention of International Trade on Endangered Species ) සංවිධානයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් (Mr.John Scanlon)මහතා පසුගියදා මෙරටට පැමිණි අතර අද (26) පස්වරුවේ හෙතෙම පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවීය. දකුණු ආසියානු කලාපීය රටක සිය පලමු සංචාරය සනිටුහන් කරමින් හෙතෙම ශ්රී ලංකාවට පැමිණි අතර අද පෙරවරුවේ ඇත්දළ විනාශකිරීමටද එක්විය.