සයිබර් අවකාශය පරිගණකය මෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සඳහා එක් ප්‍රමිතියකට අනුව භාෂාවන් යොදාගැනීම වැදගත් වන බව ශ්‍රි ලංකාවේදී පැවති අක්ෂර ප්රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර කමිටු රැස්වීමේදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් මෙය සංවිධානය කර තිබිණි.
අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (ISO) අක්ෂර කේතනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම හා අන්තර්ජාතික විද්යුත්තාක්ෂණ කොමිසමේ (IEC) මෙහෙයුම් කමිටු රැස්වීම් මේ අනුව ශ්‍රි ලංකාවේදී පැවැත්විණි.
මෙම ක්‍රියාකාරී කණ්ඩායම්හි විෂය පථය වන්නේ තොරතුරු තාක්ෂණයේදී යොදා ගන්නා කේතනය ඇතුළත් වන ලෝකයේ සියලු ම භාෂාවල අක්ෂර මාලා සඳහා වූ කේතික අනුලක්ෂණ කට්ටල සකස් කිරීම වන අතර ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මෙම කේතන සකස් කිරීම සඳහා යුනිකෝඩ් කණ්ඩායම සමග සහයෝගීව කටයුතු කරනු ලබයි.
2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේද සහභාගිත්වයෙන් තායිලන්තයේ දී පැවැත්වූ මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමේදී 2014 අදාළ මෙහෙයුම් කමිටු හා ක්‍රියාකාරි කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කරන ලද අතර එම තිරණයට අනුව මෙම රැස්වීම් ශ්‍රි ලංකාවේදී පැවැත්විණි.
ක්‍රියාකාරි කණ්ඩායමේ රැස්වීමේදී භාෂාවන් ගණනාවක අක්ෂර මාලා සංකේතනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. දෙමළ සංකේත (symbols) පිළිබඳවද සාකච්ඡා කරනලද අතර සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මේ පිළිබඳව (ICTA) ආයතනයේ අදහස් ඉදිරිපත් කළහ. දෙමළ සංකේත ISO ප්‍රමිතියේ දෙමළ කේත පිටුවේ නොව පරිපූරක කොටසක ඇතුළත් කළ යුතුයැයි (ICTA) ආයතනය යෝජනා කළේය. මෙම රැස්වීමට දේශිය හා ජාත්‍යන්තර නියෝජිතයන් 50ක් පමණ සහභාගි වූහ.