මාලඹේ සයිටම් ආයතනය මෙන්ම මුදලට අධ්‍යාපනය විකුණන කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි වහාම රටට හෙළිකරන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයආණ්ඩුවට අභියෝග කළේය.
එමෙන්ම මාළඹේ සයිටම් විද්‍යාලය ජනසතු කළ යුතු යැයි පවසන පුද්ගලයන් කොතලාවල විශ්වවිද්‍යාලය පිළිබඳ පවසන්නේ කුමක්දැයි යනුවෙන්ද එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතාප්රශ්න කළේය.
මරදානේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ(19දා) ඔහු මේ බව කීය.
මෙවර අයවැය මගින් යෝජිත මහපොළ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිවක් නොදන්නා බවත්, එය මුදල් අමාත්‍යවරයාගේ උවමනාව පිණිස ඉදිරිපත් කළ දෙයක් බවද ඔහු කීය. මුදලට අධ්‍යාපන විකිණීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.