සියලුම එකඟතා කඩකරමින් සයිටම් ආයතනය තවත් ශිෂ්‍යයන් 300ක් බඳවාගැනීමට සැලසුම් සකස් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ගැටලුවට නිසි විසඳුම් ලබාදෙනතෙක් ළමයින් බඳවා නොගන්නා බවට රජය පවා එකඟතාවලට පැමිණ තිබෙන බවත්, එහෙත් එම එකඟතා කඩකරමින් නෙවිල් ප්‍රනාන්දු මහතා ශිෂ්‍යයන් බඳවාගැනීමට සැලසුම් සකස් කර තිබෙන බවත්එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ අනුව දේශීය ශිෂ්‍යයන් 200ක් සහ විදේශීය ශිෂ්‍යයන් 100ක් බඳවාගැනීමට සැලසුම් සකස් කර තිබෙන බවත්, එහෙත් සයිටම් ආයතනයේ පුහුණුව ලබාදීමට කිසිදු පහසුකමක් නොමැති බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
මෙම සැලසුම් පිටුපස සෞඛ්‍ය අමාත්‍යවරයා සිටිනවාද යන්න පිළිබඳ සැකයක් ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.