සයිටම් ආයතනය අහෝසි කර දමන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍යයන් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 400ක් ගතවී තිබෙන බවත්, පන්ති වර්ජනයට දින 60ක් ගතවී තිබෙන බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මීට අමතරව අනෙකුත් ශිෂ්‍ය ව්‍යාපාර සිවිල් සංවිධාන වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාර පවත්වමින් සයිටම් අහෝසි කර දමන ලෙස ඉල්ලා අරගල කරන බවද එම කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා සඳහන් කළේය.
එහෙත් ආණ්ඩුව ගොළුවන් හා බීරන් සේ කටයුතු කරමින් සයිටම් රැකගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ඉදිරියේදී සමස්ත ජනතාවම එක්ව සයිටම අහෝසි කර දැමීමේ අරගල ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.