සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, වෛද්‍ය නිලධාරීන් හා විද්වත් පිරිස සමග අද (13දා) රාත්‍රියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව අවලංගු කර දමා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා මෙම සාකච්ඡාව අවලංගු කර තිබෙන බවද වාර්තා වේ.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවේදී වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිතව තිබිණි.