සයිටම් විසඳුම රට කබලෙන් ලිපට දැමීමක්
සයිටම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විසඳුම රට කබලෙන් ලිපට දැමීමක් වන බවත්,‘සයිටම්’ වත්මන් ආණ්ඩුවේ අවසානය තීන්දු කරන ‘අයිටම්’ එක බවට පත්වනු ඇති බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(26දා) පැවසීය.
ජාතික ව්‍යාපාරයට මූල්‍ය දායකත්වය ලබාදුන් නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් සයිටම් ආයතනය කොටස් වෙළෙඳපොළට දැමීමෙන් අනාගතයේදී එහි අයිතිය කුඩු ව්‍යාපාරියෙකුට හෝ බාර් හිමියෙකුට හිමිවීමට ඉඩ ඇති බවද ඒ මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම්‍යශීලී වෙමින් වැඩවර්ජනය නතර කර තිබුණද, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලබාගැනීමට වර්ජනය නතර කර ඇතැයි වෛද්‍යවරුන්ට සරදම් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා නැවත වර්ජනයක් සිදුකරන ලෙසට බල කරමින් සිටින බවද ඔහු පැවසීය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යනුයේ ලෝකයේ නොදියුණු රටවල් විසින් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

