සයිටම් අහෝසි කිරීම සඳහා වෘත්තීය සමිති එකතුවෙන් සකස් කරගෙන තිබෙන සයිටම් විරෝධී ජන පවුරේ දෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග වැඩපිළිවෙළලබන 20 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට ඊයේ (16දා) තීරණය කර තිබේ.
මේ අනුව 20 වැනිදා දිස්ත්‍රික්ක 25ට අදාළනියෝජිතයන් කොළඹට ගෙන්වා සමුළුවක් පැවැත්වීමට ඊයේ (16දා) රැස්වූ සයිටම් විරෝධී ජනපවුරේ වෘත්තීය සමිති නියෝජිතයන් තීරණය කර ඇත.
මීට අමතරව 30 වැනිදාරාත්රි‘යේ ලංකාව පුරා රාත්‍රී කාලයේදී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට හා විරෝධතා පාගමන් පැවැත්වීම ඇතුළු සයිටම් අහෝසි කරන ලෙස බලකරන සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
සැප්තැම්බර් මස 12 වැනිදා ස්ථාන 05කින් රථපෙළපාළි 05ක් ආරම්භ කර 15 වැනිදා එම රථපෙළපාළිකොළඹ නගරයට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද ඊයේ (16දා) රැස්වූ වෘත්තීය සමිති තීරණය කර තිබේ.
මීට අමතරව එම කාලය තුළදී දෙමාපිය සංගම් හරහා රටතුළ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීන්දුවක් ගෙන තිබෙන අතර, ඒ සඳහා දෙමාපිය සංගම් මේ මස 28 වැනිදා රැස් කිරීමටත් තීරණය කර ඇත.