අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා භික්ෂු බල මණ්ඩලය එක්ව සංවිධානය කළ සයිටම් විරෝධී දින 05ක පාගමන මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පාගමනට තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.