සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (20දා) සන්දේශයක් බාරදීමට කටයුතු කළේය.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, සයිටම් ආයතනයේ දෙමාපිය සංසදය, රජයේ දන්ත වෛද්‍ය සංගමය ඇතුළු සංගම්වල එකඟතාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලික වී මෙම සන්දේශය බාර දෙනු ලැබිණි.
සන්දේශය බාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට නියෝජිතයන් 06 දෙනෙකුට අවස්ථාව හිමිවූ අතර, එම පිරිස් විසින් අදාළ සන්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදෙන ලෙස අතිරේක ලේකම්වරියකට බාර දී ඇත.
සයිටම් ගැටලුව විසඳීමට කටයුතු නොකිරීම නිසා වැඩිම අසාධාරණය සිදුව තිබෙන්නේ එම ආයතනයේ දරුවන්ට බවත්, මාලඹේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ඡායාරූප - එශාන් ප්‍රනාන්දු