සයිටම් ගැටලුවට රජය විසින් නිසි පිළිතුරක් නොදෙන්නේනම් තම දරුවන් වෙනුවෙන් මිය යාමට වුවද සූදානම් බව මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය අවධාරණය කරයි.
මරදාන, සී.එස්.ආර්, ශාලාවේදී අද (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කර සිටියේ, පසුගිය ආණ්ඩුව මත සියලු කරුණු පටවා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ඇඟ බේරාගත නොහැකි බවයි.
එසේම, මෙම ගැටලුව සම්බන්ධයෙන් සමබර ප්රවෘත්ති පළ කරන ලෙසට සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.