සයිටම් නිසා ගාල්ලෙත් විරෝධතා
කොළඹදී ඊයේ (21දා) පැවැති සයිටම් විරෝධී රැලියට පොලීසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට අද (22දා) විරෝධතාවක් පැවැත්වුණි.
ගාල්ල පොලිසිය අසල සිට පෙළපාළියකින් ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ එහිදී උද්ඝෝෂණයේ නිරත වූහ.
මේ විරෝධතාව හේතුවෙන් මාතර - කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය. ඉන් අනතුරුව පොලීසිය විසින් මාර්ගයේ එක් මං තීරුවක පමණක් වාහන ගමනාගමනයට ඉඩ සලසන ලදී.
මෙහිදී විරෝධතාව රූපගත කරමින් සිටි පුද්ගලයෙකුගෙන් විරෝධතාකරුවෝ මාධ්‍ය ආයතනය කුමක් ද යන්න විමසූ අවස්ථාවේ දී ඔහු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මේ නිසා උද්ඝෝෂණය පැවති ස්ථානයට පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවීමට පොලීසිය පියවර ගත්තේය.
අනතුරුව විරෝධතව අවසන් කළ ඔවුහු ජනාධිපතිවරයාගේ රැව සහිත පඹයෙකු පුළුස්සා දමා එම ස්ථානයේ රැස්වීමක්ද පැවැත්වීමෙන් අනතුරුව විසිර ගියහ.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
