මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ගොනු කරන ලද පෙත්සම සළකා බැලීම හෙට (04දා) දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද (03දා) නියම කළේය.
ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න, සිසිර ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දී ඇත.