මාලඹේ ආයතනය හොර උපාධි කඩයක් බව පවසමින් රෝහල් තුළ හා රජයේ ආයතනවල ප්‍රදර්ශනය කරන බැනරය ඉවත් කරන ලෙසට හෙට (13දා) පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංගමය සඳහන් කරයි.
මීට අමතරව රාජ්‍ය ආයතන සියලුම දෙනාට පොදු බවත්, මෙවැනි ස්ථානයක බැනර් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.